Skip to main content

නීතිය අතට ගත් ගැමියන්ගේ සමාජ දඬුවම්.

 වැල්ලවාය පැත්තට විනෝද චාරිකාවක් ගිය පිරිසක් වෙරි වෙලා ඒ පැත්තෙ මිනිසුන් දෙදෙනකුට පහර දීමට එරෙහිව ගැමියන් එකතුවෙලා ඒ විනෝද චාරිකා නඩයේ බීපු පිරිසට පහර දීලා බිම ඉන්දවලා පාසැල් වල දෙන විදිහේ සමාජ අපහාසයට ලක් වෙන ආකාරයේ දඬුවම් වගයක් දීලා ඔවුන්ගේ ඡායාරූප ෆේස්බුක් එකටත් දාලා තිබුණා.(ඒ පහරකෑ අයගෙන් හය දෙනෙක් විතර රෝහල්ගත කරල තියෙනවා). පසුගිය කාලයේදී මීට සමාන සිදුවීම් රැසක් මේ විදිහට විවිධ වැරදි කරපු මිනිස්සුන්ට ගැමියන් එකතුවෙලා ගම් පිටින් දඬුවම් දීම් ගැන වාර්තා වුණා. මේ වගේ ගැමියන් එකතු වෙලා වරදට අනුව ගැමියන්ට දැන නැන පමණින් සමාජ දඬුවම් කිරීම මගින් කියන්නේ ඒ රටට නීතියක් නැති බවයි. මේ විදියෙ නීතිය අතට ගත්තම පොලිසියට හසු කර ගත් අවස්ථාවන් පිළිබඳව වාර්තා වන්නේ නැති තරම්. ඒ කියන්නේ පොලිසියත් ඊට සහයෝගය දක්වනවා. අනිත් අතට ජනතාවට නීතිය අතට ගන්න පුළුවන් නම් ඒ රටට පාලකයෙක් අවශ්යද? කොහොමහරි මේ විදියට මේ මිනිසුන් සාමාන්යයෙන් සෑම වරදක්ම කරල අහුවෙන මිනිසුන්ට දඩුවම් දෙන්න යන්නේ නැහැ. ඔවුන් දඬුවම් දෙන්නේ සාමාන්යයෙන් තෝරාගත්ත වැරදි කීපයක් කරන අයට විතරයි. මේ තෝරා ගත්ත වැරදි මොනවාද?

එකක් ලිංගිකත්වයට අදාල සම්මතය හෝ නීතිය කැඩෙන වැරදියි. පසුගිය කාලයේ ටියුෂන් ගිය තරුණ යුවළක් අහුවෙලා කට්ටිය මේ වගේම දඩුවම් කියලා ඔවුන්ට සමාජ අපහාස කරලා වීඩියෝ පවා ෆේස්බුක් එකට දාලා ආතල් එකක් ගත්තා.
අනික වරප්රසාදිත දේපලක් අයිති අවස්ථාවන්වල. උදාහරණයකට වාහනයකට මිනිසෙක් යට වුනාම වැනි අවස්ථාවල වාහනයට පහර දී ගිනි තැබීමෙන්. වාහනයක් සාමාන්යයෙන් මෙවැනි ගැමියන් අතර තාමත් වරප්රසාදිත දෙපලක් විදිහට ගැනෙන්නෙ.
අනිත් අවස්ථාව බොහෝ විට නාගරික සංස්කෘතික ක්රියාකාරකම් හරහා විනෝද වෙන අවස්ථාවන්ට අදාලවයි. බීලා සින්දු කියන විනෝද ගමන් යන අවස්ථාවන් ආදියේ දී.
ඒ සෑම අවස්ථාවකම වගේ ඔවුන් දඬුවම් දෙන්නේ වැරදිකරුවාට දේපලක් ඇත්නම් එය පහරදී කුඩු කර විනාශ කරමින් වැරදිකරුවන් සමාජය ඉදිරියේ හැකි තරම් අපකීර්තියට සහ නින්දාවට ලක් වන ක්රමයකටයි.ඒ වගේම සිද්ධිය වෙන්නේ ගමක නම් එම වැරදිකරුවා බොහෝ විට පිටගංකාරයෙක්. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත්, විශේෂයෙන් මේ ජනකොටසගේම පත්ති සමාජ පසුබිමින් එන විශ්වවිද්යාල ශිෂ්යයින් ද රැග් ලෙස කරන ක්රියාකාරකම් වල ද මීට සමාන ලක්ෂණ දකින්න පුළුවන්.
මේ ජනතාවට වැරදි කරන්නන් හොයා ගන්න අවශ්ය නම් ඔවුන්ගේම ම ගමේ ඇතුළු අති විශාල තොගයක් වැරදිකරුවන් වැරදි කරන බව ඔවුන් දන්නවා.
මේ ගැමියන් පන්තිමය වශයෙන් බොහෝවිට වැටෙන්නේ පහළ මැද පංතික සමාජ පසුබිමටයි. මේ තමයි මේ රටේ වඩාම සංස්කෘතික සමාජ සහ ආර්ථික ඛාදනයට ලක්වූ ජන කොටස. ඔබට සමාජය තේරුම් ගැනීමට අවශ්ය නම් වැරදිකරුවා පමණක් නොව ඊට ප්රතිචාර දක්වන්නා ද කියවන්න උත්සාහ කරන්න.

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් ...

මං හිතන්නේ මට Depression

 උපුටා ගැනීමක් !!  "මං හිතන්නේ මට Depression"  "මට මැරෙන්න හිතෙනවා"  ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?  Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ.  තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක්  කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.  ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?  මේ සටහන ඒ ගැනයි.  කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා  ක...

ජීවිත කාමරය අස් කළ දවසක්!

  දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප් ‍ රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව් ‍ යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද් ‍ රව් ‍ ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එ...