Skip to main content

නීතිය අතට ගත් ගැමියන්ගේ සමාජ දඬුවම්.

 වැල්ලවාය පැත්තට විනෝද චාරිකාවක් ගිය පිරිසක් වෙරි වෙලා ඒ පැත්තෙ මිනිසුන් දෙදෙනකුට පහර දීමට එරෙහිව ගැමියන් එකතුවෙලා ඒ විනෝද චාරිකා නඩයේ බීපු පිරිසට පහර දීලා බිම ඉන්දවලා පාසැල් වල දෙන විදිහේ සමාජ අපහාසයට ලක් වෙන ආකාරයේ දඬුවම් වගයක් දීලා ඔවුන්ගේ ඡායාරූප ෆේස්බුක් එකටත් දාලා තිබුණා.(ඒ පහරකෑ අයගෙන් හය දෙනෙක් විතර රෝහල්ගත කරල තියෙනවා). පසුගිය කාලයේදී මීට සමාන සිදුවීම් රැසක් මේ විදිහට විවිධ වැරදි කරපු මිනිස්සුන්ට ගැමියන් එකතුවෙලා ගම් පිටින් දඬුවම් දීම් ගැන වාර්තා වුණා. මේ වගේ ගැමියන් එකතු වෙලා වරදට අනුව ගැමියන්ට දැන නැන පමණින් සමාජ දඬුවම් කිරීම මගින් කියන්නේ ඒ රටට නීතියක් නැති බවයි. මේ විදියෙ නීතිය අතට ගත්තම පොලිසියට හසු කර ගත් අවස්ථාවන් පිළිබඳව වාර්තා වන්නේ නැති තරම්. ඒ කියන්නේ පොලිසියත් ඊට සහයෝගය දක්වනවා. අනිත් අතට ජනතාවට නීතිය අතට ගන්න පුළුවන් නම් ඒ රටට පාලකයෙක් අවශ්යද? කොහොමහරි මේ විදියට මේ මිනිසුන් සාමාන්යයෙන් සෑම වරදක්ම කරල අහුවෙන මිනිසුන්ට දඩුවම් දෙන්න යන්නේ නැහැ. ඔවුන් දඬුවම් දෙන්නේ සාමාන්යයෙන් තෝරාගත්ත වැරදි කීපයක් කරන අයට විතරයි. මේ තෝරා ගත්ත වැරදි මොනවාද?

එකක් ලිංගිකත්වයට අදාල සම්මතය හෝ නීතිය කැඩෙන වැරදියි. පසුගිය කාලයේ ටියුෂන් ගිය තරුණ යුවළක් අහුවෙලා කට්ටිය මේ වගේම දඩුවම් කියලා ඔවුන්ට සමාජ අපහාස කරලා වීඩියෝ පවා ෆේස්බුක් එකට දාලා ආතල් එකක් ගත්තා.
අනික වරප්රසාදිත දේපලක් අයිති අවස්ථාවන්වල. උදාහරණයකට වාහනයකට මිනිසෙක් යට වුනාම වැනි අවස්ථාවල වාහනයට පහර දී ගිනි තැබීමෙන්. වාහනයක් සාමාන්යයෙන් මෙවැනි ගැමියන් අතර තාමත් වරප්රසාදිත දෙපලක් විදිහට ගැනෙන්නෙ.
අනිත් අවස්ථාව බොහෝ විට නාගරික සංස්කෘතික ක්රියාකාරකම් හරහා විනෝද වෙන අවස්ථාවන්ට අදාලවයි. බීලා සින්දු කියන විනෝද ගමන් යන අවස්ථාවන් ආදියේ දී.
ඒ සෑම අවස්ථාවකම වගේ ඔවුන් දඬුවම් දෙන්නේ වැරදිකරුවාට දේපලක් ඇත්නම් එය පහරදී කුඩු කර විනාශ කරමින් වැරදිකරුවන් සමාජය ඉදිරියේ හැකි තරම් අපකීර්තියට සහ නින්දාවට ලක් වන ක්රමයකටයි.ඒ වගේම සිද්ධිය වෙන්නේ ගමක නම් එම වැරදිකරුවා බොහෝ විට පිටගංකාරයෙක්. ඔබ හොඳින් නිරීක්ෂණය කළොත්, විශේෂයෙන් මේ ජනකොටසගේම පත්ති සමාජ පසුබිමින් එන විශ්වවිද්යාල ශිෂ්යයින් ද රැග් ලෙස කරන ක්රියාකාරකම් වල ද මීට සමාන ලක්ෂණ දකින්න පුළුවන්.
මේ ජනතාවට වැරදි කරන්නන් හොයා ගන්න අවශ්ය නම් ඔවුන්ගේම ම ගමේ ඇතුළු අති විශාල තොගයක් වැරදිකරුවන් වැරදි කරන බව ඔවුන් දන්නවා.
මේ ගැමියන් පන්තිමය වශයෙන් බොහෝවිට වැටෙන්නේ පහළ මැද පංතික සමාජ පසුබිමටයි. මේ තමයි මේ රටේ වඩාම සංස්කෘතික සමාජ සහ ආර්ථික ඛාදනයට ලක්වූ ජන කොටස. ඔබට සමාජය තේරුම් ගැනීමට අවශ්ය නම් වැරදිකරුවා පමණක් නොව ඊට ප්රතිචාර දක්වන්නා ද කියවන්න උත්සාහ කරන්න.

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්