Skip to main content

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

 මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප්රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග්රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළුවන් කියලා එහෙම නැත්තං මගේ ජීවිතය තුළ කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ කියලා. වෙන්න පුළුවන් සිදුවීම් වශයෙන් එතන තේරුම් ගන්න තියෙන්නෙ ඔය දෙක විතරයි. මට හිතෙනවා ගැඹුරුම අර්ථයේ දී වුණත් ග්රහලෝකයකින් එකෙන් ආ එක ගැන ඔබ පුදුම වෙනවනම් ඒ හිමිදිරියේම තණපත් මත දිලිසෙන පිණි කැට වලටත් , ඔහෙ ගහකින් කොලයක් ගිලීහි වැටෙන කොටත් එක හා සමානව පුදුම විය යුතුයි කියලා. මම හිතන්නේ මගේ මේ තත්වය ඇති වෙන්න තවත් හේතුවක් තමයි මොනාහරි වෙනකොට පුදුම වෙන්න කලින්, කොච්චර අසාර්ථක මට්ටමින් හරි, මම ඒක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සහ කරන එක. ඒත් සමහර වෙලාවල් තියෙනවා කිසිම දෙයක් තේරුම් ගන්න යන්නේ නැතුව මම මොකටද මේ හැම මගුලක්ම තේරුම් ගන්න හදන්නේ කියලා පුදුම වීමයි තේරුම් ගැනීමයි දෙකම අත්හැරලා දාන.

ඒ විදිහට පුදුම නොවීම නිසා වාසි අවාසි දෙකම තියෙනවා. මට හමුවෙලා තියෙන එක වාසියක් නම් ඔබට මිනිස්සු ගැන කේන්තිය වෛරය වගේ දේවල් හරිම අඩුවෙන් ඇතිවෙන්නෙ. ඒ වගේම ඕනෑම දෙයක් අත්හැර දාන්නත් හරිම පහසුයි. නැතිවුන දේවල් ගැන ද ඒ තරම් කණගාටුවක් ඇති වෙන්නේ නෑ.
කණගාටුව නම් , එදිනෙදා ජීවිතය ඇදගෙන යන්න අවශ්ය නිසාම පුදුමවීම පෙන්වා මිනිසුන් රවට්ටන්න සිද්ධ වෙලා තිබීමයි. මම දැනුවත්වම කරන ලොකුම බොරුව ඒක .මම සමහර අවස්ථාවල බොරුවට සතුට සහ කණගාටුව පෙන්නනවා. ඒ කියන්නේ ඒ ගැන මගේ ඇතුළෙන් එන හැඟීමත් මට කියන්න ඕන දේත් ඒක නෙමෙයි. ඒක කාගෙ හරි මරණයක් වෙන්නට පුළුවන් මඟුලක් වෙන්න පුළුවන්. මිනිස්සු ඉපදෙන එකට වගේම මැරෙන එකටත් මගේ කිසිම විරුද්ධත්වයක් නෑ. නමුත් මේකෙ ඉන්න නම් ඒ හැම දේකටම මටත් මොනවා හරි ප්රතිචාරයක් පෙන්නන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ නැහැ ඒ වගේ ලෝකයේ සිදුවන සෑම සිදුවීමකට ම මට හැඟීමක් ඇති නොවීම මගේ වරදක් කියලා. මට ඒක පාලනය කරන්න බෑ. නමුත් මම සමහර වෙලාවලට බොරුවට හැඟීම් පෙන්නනවා මොකද එහෙම නැත්නම් ඇතිවෙන විශාල ව්යකූලතාවයට මගේ අහිංසකත්වය සමග මූණ දෙන්න මට ශක්තියක් නැති නිසා. මිනිසුන්ට අනුව මම නරුමයෙක් නෙමෙයි කියලා පෙන්නන්ඩ මහන්සි වෙනවට වඩා ඒක හරිම ලේසියි.
දරන්න අමාරු දේ තමයි මිනිස්සු කරන කියන දේවල් වලට බොරු හැඟීම් පෙන්වලා ඔවුන් රවටා ජීවත්වීමට සිදුවීමයි. මිනිස්සු කරන දේවල් වලට පුදුමය පෙන්වීම ඔවුන්ගේ සිරිත් විරිත් වලට යුද, ක්රීඩා සහ පුද්ගලික ජයග්රහණවලට මාරයි කීම. ඔවුන්ගේ ඇගයීම් වලින් සිහිනැතිවන තත්ත්වයට පත්වීම. මිනිස්සු කරන ඒ වගේ දේවල් වලින් ඔබ කොයිතරම් කලබලයට සහ පුදුමයට පත් වෙනවා ද කියන එකයි ඔවුන් නිතරම බලාපොරොත්තු වෙන්නේ.
මම හිතන්නේ අඩුවැඩි වශයෙන් සෑම මනුස්සයෙක්ම ජීවත් වෙන්නේ තමන්ට දැනෙන්නේ නැති තමන්ට අවශ්ය නැති දේවල්වලට පුදුමය සහ කැමැත්ත පෙන්වා ජීවත්වීමේ බොරුවෙන්. කොටින්ම ජීවිතය කියන්නෙම ඒ බොරුවට සහ වංචාවට. නැවත නැවතත් දරා ගන්න බැරි එකම දේ මේ විශාල බොරුවයි. ජීවිත කාලයක් මේ බොරුවෙන් සහ වංචාවෙන් ජීවත් වෙන මිනිසෙකුගේ ජීවිතය ගැන ඔබට හිතාගන්න පුලුවන්ද? මම පුළුවන් හැම විටම ඒ වගේ බොරුවකින් මාව නං ඇසුරු කරන්න අවශ්ය නෑ කියල මම මිනිසුන්ව නිදහස් කරනවා, ඔවුන්ට මං වෙනුවෙන් දැනෙන් නැති දේවල් දෙන්ඩ බැරි දේවල් අපේක්ෂා නොකර, ඒ මත ඔවුන්ගේ හොඳ නරක විනිශ්චය නොකර. එතකොට මම මේ ලියන්නේ ඇයි කියලා කවුරුහරි අහයි. මම ලියන කරන හැම දේකම වගේ සැඟවිලා තියෙන්නේ මේ මහා බොරුවෙන් සහ වංචාවෙන් අපව ගලවා දෙන්න කියන ආයාචනයයි.
හොඳ මනුෂ්ය ඇසුරකට ආදරයකට එකිනෙකා වැළඳ ගන්න ඒ වගේ දැනෙන් නැති දේවල් වලට බොරු කරන්න අවශ්ය නැති බව තේරුම් ගත්ත මිනිසුන්ටනම් මම ගොඩක් කැමතියි. ඒ යථාර්ථය තේරුම් ගැනීමෙන් මේ කැඩී බිඳී කුඩුපට්ටම් වෙලා ගිය ලෝකයේ මනුෂ්ය සම්බන්ධකම් වලට යම් අර්ථයක් සුන්දරත්වයත් ගෙනෙන්න පුළුවන් බව මම තාමත් විශ්වාස කරනවා.
මම හිතන්නේ මේ ජීවිතයේ කලබල වීමට හෝ පුදුම වීමට කිසිවක් නෑ, ඇත්තේ වටහා ගැනීමට පමණයි!

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් ...

මං හිතන්නේ මට Depression

 උපුටා ගැනීමක් !!  "මං හිතන්නේ මට Depression"  "මට මැරෙන්න හිතෙනවා"  ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?  Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ.  තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක්  කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.  ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?  මේ සටහන ඒ ගැනයි.  කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා  ක...

ජීවිත කාමරය අස් කළ දවසක්!

  දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප් ‍ රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව් ‍ යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද් ‍ රව් ‍ ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එ...