Skip to main content

Posts

Recent posts

සංජානා - ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්.

ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්. මෙම කතාව ප් ‍ රබන්ධ කර ඇත්තේ සත් ‍ ය සිදුවීමක් ඇසුරු කරගෙනයි. නම්-ගම් මනංකල්පිත වුවත් ඒවා සත් ‍ ය නම්වල හුරුවට ආසන්නයි. මෙය මම හඳුන්වන්නේ 'කෙටිකතාවක්' විදිහේ ප් ‍ රබන්ධ නිර්මාණයක් ලෙස නොව, ඒක පාර්ෂවීයව 'කෙනෙක් කියන කතාවක්', නැත්නම් පුද්ගල 'ආත්ම කථනයක්' විදිහටයි. මෙම කතාව වඩා හොඳින් රසවිඳීම සඳහා නොකඩවා කියවාගෙන යන ලෙස මම ඔබට යෝජනා කරනවා. මෙහි ප් ‍ රධාන කතානායක ඔනිල්ගේ පසුබිම ඔබ දැනගැනීම අවශ් ‍ යයි. ඔනිල් අයත් වන්නේ මේ වෙනකොට කොළඹ නගරාශ් ‍ රිතව ජීවත් වන, ශ් ‍ රී ලංකාවේ තවමත් හොඳින් පවතින එක්තරා විශේෂ ඉහළ නාගරික සංස්කෘතික පංති ධාරාවකටයි. ඔවුන් පාරම්පරික තේ වතු අයිතිකරුවන්. අපේ කතාවට කේන්ද් ‍ ර වන ඔනිල් දැන් ඉන්න ගෙදර හදවන්නෙ ඔහුගේ තාත්තා 1960 ගණන්වල අවසානයේදීයි. එය උයනක් මෙන් මනාව සකස් කරපු ගාර්ඩ්න් එකක් මැද පිහිටි ඇමරිකන් ස්ටයිල් නමින් ශ් ‍ රී ලංකාවේ ප් ‍ රකට වුණු පෝටිකෝවක් ඇති සේවක කාමර දෙකට අමතරව තවත් කාමර හයක් ඇති විශාල ගෙදරක්. ඔනිල්ට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් කසාද බැඳ ගොස්, කොළඹ අවට වෙනත් තැන්

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා