Skip to main content

දියුණුවක' රන් දොරටු!

 ඒ කාලේ හොඳ බිස්නස් කාරයෙක්ගේ දුවක් ලස්සන ගෑල්ළමයෙක් එක්කලා මගේ පොඩි ඇයිහොඳයියක් තිබුණා. එයාට මගේ කලා ලෝකය ගැනනම් එතරම් අදහසක් තිබුනෙ නෑ. කොටින්ම මනමේ හැදුවේ සතිස්චන්ද්ර එදිරිසිංහ නෙමෙයි එදිරිවීර සරච්චන්ද්ර කියලා මට හැමතිස්සෙම එයාට මතක් කරන්න සිද්ධ වුණා.මම කරන නාට්ය ඇතුළු අනිත් ක්රියාකාරකම් ගැනත් එයාට ඒ තරම් වැදගත් කමක් පෙනුනේ නෑ. එයා මට වඩා අවුරුදු කීපයක් වැඩිමල්, අපි අතර තිබුණේ පර්යේෂණාත්මක සම්බන්ධතාවයක්, එයා නිතරම උත්සාහ කළේ මාව හදා ගන්නවා කියන එකට. ගොඩක් දුරට කමර්ෂල් මයින්ඩ් එකක් තිබුනේ. හැබැයි බුද්ධිමත්, හොඳ මීටරයක්.

මුල් කතාවෙන් පොඩ්ඩක් පිට පැනලා ගිහින් එයා හිතන විදිය තව ටිකක් රසවිඳීමු. එයා මම ඉහළින් හිතුව අපේ කලා ක්ෂේත්රයේ විද්වතුන් නිලධාරින් කලාකරුවන් මේ ඔක්කොම එක රොත්තට සල්ලි සහ වරප්රසාද වලට කපුටන් ගානට ගන්න පුලුවන් වාසියට අනුව අදහස් වෙනස් කර ගන්න මිනිස්සු ටිකක් විදිහට හිතුවේ. ඊට අමතරව මම මිනිස්සුන්ගේ මෝඩකම, හීනමානය, කුහකකම, දුප්පත්කම, දූපත් මානසිකත්වය වගේ දේවල් ගැන දේශපාලනික අර්ථයෙන් කණගාටු වෙනකොට එයා මට උපහාසයෙන් හිනාවෙලා ඒවා දැක්කේ කණගාටු නොවිය යුතු හොඳ මාර්කට් විදිහටයි.උදාහරණයකට, එයාගෙම වචන වලින් වරක් කිව්ව විදිහට 'මෝඩයා කියන්නේ මැණික් ආකරයක්'. එයාගෙ මේ ආර්ථික දෘෂ්ටිය ගැන මම එකඟ නැතත් එයාගෙ සමාජය පිළිබඳ 'මැකියාවෙලියානු දේශපාලනය ආර්ථිකව කියවීමෙන්' මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොරු බාලොලී කතන්දර අයින් කරල සමාජය ඇති හැටියෙන් නිර්දයව කියවන හැටි. ඇත්තටම, එයා දකින විදිය එයා මට විවෘතව කිව්වාට, දැන් සමාජයේ සිදු වෙමින් පවතින්නේ ඒ වගේ මිනිසුන්ගේ දුර්වලකම්ම වෙලඳපොලවල් බවට පත්වෙලා ඒ දුර්වලකම් විකුණාගෙන කෑම නෙමේද?
සමාජය කියවීමේදී ඒක හැකිතරම් ඇති හැටියෙන් නිර්දයව තේරුම් ගන්නවා හැර ඔබට වෙනත් තෝරාගැනීමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඊට පෙරළා ප්රතිචාර දැක්වීමේදී ඔබට කාරුණිකත්වය තෝරාගැනීමක් විදිහට තියනවා.
ආපහුත් මුල් කතාවට යමු.හොඳ මුදලක් ඉතුරු කරලා පිළිවෙලක් වෙන හැටි ගැන එයා මට නිතරම ඇඩ්වයිස් දුන්නා. ඇත්තටම මගේ ප්රශ්නය, මට කවදත් තිබුණේ මුදල් නැති කම පිළිබඳ ප්රශ්නයක් නෙමේ, ඊට වඩා, කොච්චර මුදල් හෙව්වත් හරි මැනේජ්මන්ට් එකක් නැති නිසා ඉතුරුවක් වෙන්නැති එකයි. මට රුපියල් ලක්ෂයක් හම්බුනත් දාහක් හම්බුනත් හවසට ගෙදර යද්දි සාක්කුවේ තියෙන්නෙ එකම ගාන.
ඉතිං ඔය කාලේ රජයේ එක ආයතනයකින් යම් ව්යාපෘතියක් යටතේ තරුණ නාට්යකරුවන්ට උපරිම රුපියල් ලක්ෂය වෙනකන් මුදල් අනුග්රහය ලබා දුන්න නාට්ය නිෂ්පාදන කරන්න. මමත් මේකට ඇප්ලයි කලා නාට්යක් කරන්න සිහින මවමින්. කියලා තිබුණු සුදුසුකම් වලට අනුවනම් මට තිබුණේ අධි සුදුසුකම් ඒ කියන්නේ ලක්ෂය මට අනිවාර්යෙන් හම්බවෙන්න ඕනේ. මම ඒ නිලධාරීන් එක්ක කතා කරද්දිත් එයාලා මගේ සුදුසුකම වැඩියි කියලත් කිව්වා. නමුත් අන්තිමට මට ලැබුණේ අඩුම ගාන රුපියල් දහදාහයි. මට තරම්වත් සුදුසුකම් නැති අයට ඊට වඩා මුදල් ලැබිලා තිබුණා. කල්පනා කරනකොට හේතුව මට පැහැදිලි වුණා.මම පසුගිය කාලයේ ඒ ආයතනය ද ඇතුළු ඒ නිලධාරීන්ව විවිධ දූෂණ සහ අක්රමිකතා නිසා මාධ්ය ඇතුළු විවිධ අවස්ථාවල ප්රසිද්ධියේ විවේචනය කරලා තිබුණා.ඉතින් මං ඒකට එරෙහිව එතනින් එහාට වාද විවාද කරන්න ගියේ නැහැ. මේ තමයි ශ්රී ලංකාව කියලා හිතලා නිකන් හිටියා. කොහොම හරි මේ ප්රතිඵලය ආරංචි වුණ ගමන් මම හරිම කලකිරීමකට සහ කම්පනයකට පත් වෙලා ගිහින් අර ගෑල්ළමයා හම්බුනා. ඒ නිලධාරීන්ව විවේචනය කිරීමේ ඉදන් සියලු විස්තර මම එයාට කිව්වා. මීට කලිනුත් මගේ විවිධ භෞතික පරාජයන් වල දී එයා මට හැසිරෙන ආකාරය ගැන අවවාද දීලා තිබුන හින්දා මං එහෙම එකක් කොහොමටත් එයාගෙන් බලාපොරොත්තුව හිටියේ.එදා අපි හම්බ උනේ කොළඹ කැම්පස් එකේ, හවස් වරුවක ගහක් යට බෙන්ච් එකක.
එයා මගේ කතාව හොඳින් අහගෙන හිටියා.දැන් මම ඉන්නේ සල්ලි නැතිවුන එකටත් වඩා අර මම හීන මවපු නාට්ය කරගන්න බැරිඋන එක ගැන අප්සෙට් එකෙන්. දිග නිහඬතාවයක්. ඒ අතරේ එයා මොනවද ගනුදෙනු වගයක් කැල්කියුලේටරයකින් හදනව වගේ හිතින් හදලා මෙහෙම කියනවා.
හරි ඔයා කැමතිද මාසෙකට රුපියල් එක්ලක්ෂ පනස්දාහක විතර ස්ථිර ආදායමක් තියෙන වැඩක් කරන්න.
මම බැලුවා ,යකෝ එක ඒ කාලේ හැටියට ලොකු සල්ලියක්. මම කිව්වා, හරි කියන්නකො වැඩේ මොකක්ද කියලා.
මෙහෙමයි, මම නිකං හදලා බැලුවා , ඔයා දන්නවද, දැනට ඔයාට ලැබෙන්න නියමිත බොහෝ දේවල් වලට අනූව,ඔයාට පැයක් ඔය කට පියාගෙන ඉන්න පුළුවන්නම් රුපියල් දෙසීයක් හොයන්න පුලුවන්. එතකොට පැය 24ට වැටෙනවා හාරදාස් අටසීයක් මාසෙකට එක්ලක්ෂ පනස්දාහක විතර තියෙනවා. පාඩුද?
මම කිව්වා, ඔච්චර නැතත් මම දැනටත් මාසෙකට යම් මුදලක් හොයනවා නේ එතකොට ඒව එන්නෙ කොහෙන්ද කියලා. එතකොට එයා කිව්වා, ඒ ඔයා රෑට බුදිය ගන්න පැය ගානට, පුළුවන්නම් තව දවල්ටත් බුදිය ගන්න.
මම අවුල් වෙලා බලාගෙන ඉන්නවා.
දැන් අපේ තාත්තා බලන්න. එයා එතන්ට ආවේ තනිකරම කට පරෙස්සම් කර ගනීම හරහායි. දැන් ඔයා ගිහිල්ලා ඔයා මට කියපු එක එයාට කියන්න, ශ්රී ලංකාවේ රාජ්ය පද්ධතියේ දූෂණ වංචා නැති කරල කාර්යක්ශම කරන්න ඇයි මේ ඇමතියට බැරි උන්ගේ කාර්යාල වලට කඩාපනින පරීක්ෂණ කණ්ඩායමක් හදන්න?
එතකොට එයා මොකද කියන්නේ?
හ්ම්ග්

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්