Skip to main content

දියුණුවක' රන් දොරටු!

 ඒ කාලේ හොඳ බිස්නස් කාරයෙක්ගේ දුවක් ලස්සන ගෑල්ළමයෙක් එක්කලා මගේ පොඩි ඇයිහොඳයියක් තිබුණා. එයාට මගේ කලා ලෝකය ගැනනම් එතරම් අදහසක් තිබුනෙ නෑ. කොටින්ම මනමේ හැදුවේ සතිස්චන්ද්ර එදිරිසිංහ නෙමෙයි එදිරිවීර සරච්චන්ද්ර කියලා මට හැමතිස්සෙම එයාට මතක් කරන්න සිද්ධ වුණා.මම කරන නාට්ය ඇතුළු අනිත් ක්රියාකාරකම් ගැනත් එයාට ඒ තරම් වැදගත් කමක් පෙනුනේ නෑ. එයා මට වඩා අවුරුදු කීපයක් වැඩිමල්, අපි අතර තිබුණේ පර්යේෂණාත්මක සම්බන්ධතාවයක්, එයා නිතරම උත්සාහ කළේ මාව හදා ගන්නවා කියන එකට. ගොඩක් දුරට කමර්ෂල් මයින්ඩ් එකක් තිබුනේ. හැබැයි බුද්ධිමත්, හොඳ මීටරයක්.

මුල් කතාවෙන් පොඩ්ඩක් පිට පැනලා ගිහින් එයා හිතන විදිය තව ටිකක් රසවිඳීමු. එයා මම ඉහළින් හිතුව අපේ කලා ක්ෂේත්රයේ විද්වතුන් නිලධාරින් කලාකරුවන් මේ ඔක්කොම එක රොත්තට සල්ලි සහ වරප්රසාද වලට කපුටන් ගානට ගන්න පුලුවන් වාසියට අනුව අදහස් වෙනස් කර ගන්න මිනිස්සු ටිකක් විදිහට හිතුවේ. ඊට අමතරව මම මිනිස්සුන්ගේ මෝඩකම, හීනමානය, කුහකකම, දුප්පත්කම, දූපත් මානසිකත්වය වගේ දේවල් ගැන දේශපාලනික අර්ථයෙන් කණගාටු වෙනකොට එයා මට උපහාසයෙන් හිනාවෙලා ඒවා දැක්කේ කණගාටු නොවිය යුතු හොඳ මාර්කට් විදිහටයි.උදාහරණයකට, එයාගෙම වචන වලින් වරක් කිව්ව විදිහට 'මෝඩයා කියන්නේ මැණික් ආකරයක්'. එයාගෙ මේ ආර්ථික දෘෂ්ටිය ගැන මම එකඟ නැතත් එයාගෙ සමාජය පිළිබඳ 'මැකියාවෙලියානු දේශපාලනය ආර්ථිකව කියවීමෙන්' මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොරු බාලොලී කතන්දර අයින් කරල සමාජය ඇති හැටියෙන් නිර්දයව කියවන හැටි. ඇත්තටම, එයා දකින විදිය එයා මට විවෘතව කිව්වාට, දැන් සමාජයේ සිදු වෙමින් පවතින්නේ ඒ වගේ මිනිසුන්ගේ දුර්වලකම්ම වෙලඳපොලවල් බවට පත්වෙලා ඒ දුර්වලකම් විකුණාගෙන කෑම නෙමේද?
සමාජය කියවීමේදී ඒක හැකිතරම් ඇති හැටියෙන් නිර්දයව තේරුම් ගන්නවා හැර ඔබට වෙනත් තෝරාගැනීමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඊට පෙරළා ප්රතිචාර දැක්වීමේදී ඔබට කාරුණිකත්වය තෝරාගැනීමක් විදිහට තියනවා.
ආපහුත් මුල් කතාවට යමු.හොඳ මුදලක් ඉතුරු කරලා පිළිවෙලක් වෙන හැටි ගැන එයා මට නිතරම ඇඩ්වයිස් දුන්නා. ඇත්තටම මගේ ප්රශ්නය, මට කවදත් තිබුණේ මුදල් නැති කම පිළිබඳ ප්රශ්නයක් නෙමේ, ඊට වඩා, කොච්චර මුදල් හෙව්වත් හරි මැනේජ්මන්ට් එකක් නැති නිසා ඉතුරුවක් වෙන්නැති එකයි. මට රුපියල් ලක්ෂයක් හම්බුනත් දාහක් හම්බුනත් හවසට ගෙදර යද්දි සාක්කුවේ තියෙන්නෙ එකම ගාන.
ඉතිං ඔය කාලේ රජයේ එක ආයතනයකින් යම් ව්යාපෘතියක් යටතේ තරුණ නාට්යකරුවන්ට උපරිම රුපියල් ලක්ෂය වෙනකන් මුදල් අනුග්රහය ලබා දුන්න නාට්ය නිෂ්පාදන කරන්න. මමත් මේකට ඇප්ලයි කලා නාට්යක් කරන්න සිහින මවමින්. කියලා තිබුණු සුදුසුකම් වලට අනුවනම් මට තිබුණේ අධි සුදුසුකම් ඒ කියන්නේ ලක්ෂය මට අනිවාර්යෙන් හම්බවෙන්න ඕනේ. මම ඒ නිලධාරීන් එක්ක කතා කරද්දිත් එයාලා මගේ සුදුසුකම වැඩියි කියලත් කිව්වා. නමුත් අන්තිමට මට ලැබුණේ අඩුම ගාන රුපියල් දහදාහයි. මට තරම්වත් සුදුසුකම් නැති අයට ඊට වඩා මුදල් ලැබිලා තිබුණා. කල්පනා කරනකොට හේතුව මට පැහැදිලි වුණා.මම පසුගිය කාලයේ ඒ ආයතනය ද ඇතුළු ඒ නිලධාරීන්ව විවිධ දූෂණ සහ අක්රමිකතා නිසා මාධ්ය ඇතුළු විවිධ අවස්ථාවල ප්රසිද්ධියේ විවේචනය කරලා තිබුණා.ඉතින් මං ඒකට එරෙහිව එතනින් එහාට වාද විවාද කරන්න ගියේ නැහැ. මේ තමයි ශ්රී ලංකාව කියලා හිතලා නිකන් හිටියා. කොහොම හරි මේ ප්රතිඵලය ආරංචි වුණ ගමන් මම හරිම කලකිරීමකට සහ කම්පනයකට පත් වෙලා ගිහින් අර ගෑල්ළමයා හම්බුනා. ඒ නිලධාරීන්ව විවේචනය කිරීමේ ඉදන් සියලු විස්තර මම එයාට කිව්වා. මීට කලිනුත් මගේ විවිධ භෞතික පරාජයන් වල දී එයා මට හැසිරෙන ආකාරය ගැන අවවාද දීලා තිබුන හින්දා මං එහෙම එකක් කොහොමටත් එයාගෙන් බලාපොරොත්තුව හිටියේ.එදා අපි හම්බ උනේ කොළඹ කැම්පස් එකේ, හවස් වරුවක ගහක් යට බෙන්ච් එකක.
එයා මගේ කතාව හොඳින් අහගෙන හිටියා.දැන් මම ඉන්නේ සල්ලි නැතිවුන එකටත් වඩා අර මම හීන මවපු නාට්ය කරගන්න බැරිඋන එක ගැන අප්සෙට් එකෙන්. දිග නිහඬතාවයක්. ඒ අතරේ එයා මොනවද ගනුදෙනු වගයක් කැල්කියුලේටරයකින් හදනව වගේ හිතින් හදලා මෙහෙම කියනවා.
හරි ඔයා කැමතිද මාසෙකට රුපියල් එක්ලක්ෂ පනස්දාහක විතර ස්ථිර ආදායමක් තියෙන වැඩක් කරන්න.
මම බැලුවා ,යකෝ එක ඒ කාලේ හැටියට ලොකු සල්ලියක්. මම කිව්වා, හරි කියන්නකො වැඩේ මොකක්ද කියලා.
මෙහෙමයි, මම නිකං හදලා බැලුවා , ඔයා දන්නවද, දැනට ඔයාට ලැබෙන්න නියමිත බොහෝ දේවල් වලට අනූව,ඔයාට පැයක් ඔය කට පියාගෙන ඉන්න පුළුවන්නම් රුපියල් දෙසීයක් හොයන්න පුලුවන්. එතකොට පැය 24ට වැටෙනවා හාරදාස් අටසීයක් මාසෙකට එක්ලක්ෂ පනස්දාහක විතර තියෙනවා. පාඩුද?
මම කිව්වා, ඔච්චර නැතත් මම දැනටත් මාසෙකට යම් මුදලක් හොයනවා නේ එතකොට ඒව එන්නෙ කොහෙන්ද කියලා. එතකොට එයා කිව්වා, ඒ ඔයා රෑට බුදිය ගන්න පැය ගානට, පුළුවන්නම් තව දවල්ටත් බුදිය ගන්න.
මම අවුල් වෙලා බලාගෙන ඉන්නවා.
දැන් අපේ තාත්තා බලන්න. එයා එතන්ට ආවේ තනිකරම කට පරෙස්සම් කර ගනීම හරහායි. දැන් ඔයා ගිහිල්ලා ඔයා මට කියපු එක එයාට කියන්න, ශ්රී ලංකාවේ රාජ්ය පද්ධතියේ දූෂණ වංචා නැති කරල කාර්යක්ශම කරන්න ඇයි මේ ඇමතියට බැරි උන්ගේ කාර්යාල වලට කඩාපනින පරීක්ෂණ කණ්ඩායමක් හදන්න?
එතකොට එයා මොකද කියන්නේ?
හ්ම්ග්

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් ...

මං හිතන්නේ මට Depression

 උපුටා ගැනීමක් !!  "මං හිතන්නේ මට Depression"  "මට මැරෙන්න හිතෙනවා"  ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?  Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ.  තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක්  කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.  ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?  මේ සටහන ඒ ගැනයි.  කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා  ක...

ජීවිත කාමරය අස් කළ දවසක්!

  දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප් ‍ රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව් ‍ යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද් ‍ රව් ‍ ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එ...