Skip to main content

ටජ්මහලක් කතා කළ දා

 මට මේ මෑතකදී හමු වුණා දැන් වයස හැත්තෑවකට විතර ආසන්න ඉන්දියානු කාන්තාවක්.මම මෙඩිකල් සෙන්ටර් එකකට ඩොක්ටර් කෙනෙක්ව දකින්න ඇවිල්ලා ඉන්නකොට ඇයත් මම වගේම ඇවිත් මම ලග ඉදගෙන හිටියා. ඒ වෙලාවේ අපි දෙන්නටම විනාඩි හතලිහක් විතර එතන රැඳී ඉන්න සිද්ද උන නිසා ඇයම මාව කතාවට ඇද ගැනීමෙන් අපි ආගිය තොරතුරු කතා කරනකොට ඇය මට කියපු කතාවක් තමයි මේක.ඇය අතින් තැනින් තැන කියවුණු ටික එක තැනකට කෙටි කරාට පස්සේ ඇගේ හඩින්ම කතාව මේකයි.

අපි කසාද බැඳපු දවස් වලමයි ඕස්ට්රේලියාවේ පදිංචියට ආවේ. එතකොට මට වයස අවුරුදු 20ක් වත් නැතිව ඇති...ඒ කාලේ මගේ හස්බන්ඩ් නිතරම කියන දෙයක් තමයි මම නූතාන් වගේ ලස්සනයි හරියට කුමාරිකාවක් වගේ, මං ළඟ ඉන්නකොට ටජ් මහලක් ලග ඉන්නවා වගේ එයාට පුදුම ආදරයක් ආඩම්බරයක් දැනෙනවා කියලා. ඉතින් ඒ දවස් වල එයා මට කොහේවත් තනියම යන්න දෙන්නෙ නෑ ඒ පුදුම ආදරය නිසාම මාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා එයා නිතරම මා එක්කලා යනවා. විශේෂයෙන් ඩොක්ටර්ස්ලා ලඟට නං තනියම කවදාවත් යවන්නේ නැහැ. ඩොක්ටර් මාව චෙක් කරනකොට එයාට එතන ඉන්නම ඕනේ.එයා කොයිතරම් හොඳට මාව බලාගන්නවා ද කියලා ඒ කාලේ මට හිතුනා. නමුත් දැන් ඉතින් තත්වය ගොඩක් වෙනස්. මම තනියම යනකොට හස්බන් මාත් එක්ක එන එක එක වයසට යනවත් එක්කම අඩු වෙලා ගියා. අද මට ඩොක්ටර් ලඟට යන්න තනියට කෙනෙක් හොයාගන්න හරිම අමාරුවුනා. ළමයිනුත් බැඳලා ගිහිල්ලා දැන් වෙන පළාත් වල ඉන්නේ. හස්බන්ඩ්ට මම එන්න කිව්වත් එයා ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුවේ නෑ. දැන් මම හරි වයසයි, හිතත් හරිම දුර්වලයි.මේ වෙලාවේ මට කවුරුහරි ලඟ ඉන්න ඕනේ ඇගේ ශක්තියට නෙමෙයි හිතේ ශක්තිය තියාගන්නයි. දැන් ඩොක්ටර්ස්ලා මගේ කොතන ඇල්ලුවත් එයාට ඒ තරම් ප්රශ්නයක් නෑ. එදා එයා මගෙ ආරක්ෂා කළේ මොනවද කියලා දැන් තමයි මට තේරෙන්නේ.... ඔහොම තමයි ජීවිතය.
(ටජ්මහලේ දෙනෙත් වලින් කඳුළු කඩා වැටෙන්න ආසන්නයි).

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් ...

මං හිතන්නේ මට Depression

 උපුටා ගැනීමක් !!  "මං හිතන්නේ මට Depression"  "මට මැරෙන්න හිතෙනවා"  ඔයාගේ යාලුවා මේ විදියට ඔයාට කිව්වොත්, ඔයාට මොකක්ද කරන්න ඕනෙ? මොනවාද නොකරන්න ඕනේ?  Depression තියෙන බොහොම දෙනෙක් දන්නේ නෑ තමන්ට depression තියෙනවා කියලා, සමහර දෙනෙක් ඒක පිළිගන්න කැමතිත් නැහැ.  තමන්ට මේ තියෙන තත්ත්වය depression,එහෙමත් නැත්නම් විශාදය තත්ත්වයක්  කියලා දැන ගත්ත කෙනෙක්ගෙන් වුනත් ඉතාම සුළු පිරිසක් තමයි, වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නේ.. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා මේ ගැන හොයන්නේ.  ඒත් විශාදය තත්ත්වයකින් පෙළෙන කෙනෙක් බොහෝ විට මුලින්ම වගේම අවසාන පියවරේදීත් තමන්ට තියෙන පීඩාකාරී තත්ත්වය ගැන විවෘත වෙන්නේ තමන්ගේ සමීපතම කෙනෙක් ට. ඔබ දෙමාපියෙක් නම් ඔබේ දරුවෙක්ට, ඔබ රැකියාව කරන තැන ඉන්න යාලුවෙක් එහෙම නැත්නම් ඔබත් එක්ක එකට ඉගෙන ගන්න කෙනෙක් ඒ වගේ තත්ත්වයකට පත් වුනොත් ඇත්තටම ඔබ මොකද්ද කරන්න ඕනෙ? ඔබ මොනවද නොකළ යුත්තේ ?  මේ සටහන ඒ ගැනයි.  කවුරුහරි දුකින් හිටිය පමණින්, තරමක් කළකිරීමෙන් හිටි පමණින්, එහෙම නැත්නම් "මට depression වගේ" , "මට සේරම එපාවෙලා තියෙන්නේ" කියලා  ක...

ජීවිත කාමරය අස් කළ දවසක්!

  දන්නා කාලයකට මගේ කාමරය අස් කරලා නැති නිසා, අම්මා ඊට එරෙහිව කාලයක ඉඳන් ගහපු කැරැල්ලේ ප් ‍ රතිඵලයක් විදියට එක සති අග දවසක මම උදේ ම නැගිටලා මුළු කාමරය ම අස් කරන්න පටන් ගත්තා. මම මුලින්ම කළේ ඉතාම කුඩා ලියකියවිලිවල ඉඳන් දැන් මට වැඩක් නෑ කියලා හිතෙන ඔක්කොම ලට්ටලොට්ට කාමරයෙන් එළියට ගොඩ ගහන එකයි. ඒවායෙන් බහුතරය කවදා හරි මට ඕනෙ වෙයි කියලා හිතලා අවුරුදු ගාණක් තියාගෙන හිටිය ඒත් වැඩක් වෙච්ච නැති දේවල් හා මොකක් හෝ මට සම්බන්ධයක් හදාගෙන මගේ කාමරය ඇතුළට ඇවිත් මටත් හොරෙන් මගේ පරීක්ෂාවට ලක් නොවී තිබුණ දේවල්. තෑගි හා ස්මරණ නිසා තියාගත්ත දේවල් වලින් බහුතරයක් ඒ කාලයට මිසක් දැන් කිසිම හැඟීමක් ඇති කරන්නැති දේවල් බවට පත්වෙලා තිබ්බා. ඒ් බොහෝ ඒවා ව් ‍ යාජ තෑගි ( manipulating) බව කාලය විසින් තහවුරු කරලා තිබ්බා. ඒවා අතර පාසල් හා උත්සවවල දුන්න සම්මාන සහතික පවා තිබ්බා. ඒවා කොයිතරම් නොසැලකිල්ලෙන්, බාල අමුද් ‍ රව් ‍ ය වලින් හදලා, සහතිකවල අකුරු පවා හරියට ලියන්නැතිව,ගන්න එකා පල් මෝඩයෙක් කියලා හිතලා, කිසිදු මානුෂික හැඟීමකින් තොරව දුන්න ඒවා ද කියලා එතකොට තමයි තේරුණේ. ඒ අතර කෙල්ලන් දුන්න ලවුලෙටර්ස් වගයකුත් තිබ්බා. එ...