Skip to main content

ටජ්මහලක් කතා කළ දා

 මට මේ මෑතකදී හමු වුණා දැන් වයස හැත්තෑවකට විතර ආසන්න ඉන්දියානු කාන්තාවක්.මම මෙඩිකල් සෙන්ටර් එකකට ඩොක්ටර් කෙනෙක්ව දකින්න ඇවිල්ලා ඉන්නකොට ඇයත් මම වගේම ඇවිත් මම ලග ඉදගෙන හිටියා. ඒ වෙලාවේ අපි දෙන්නටම විනාඩි හතලිහක් විතර එතන රැඳී ඉන්න සිද්ද උන නිසා ඇයම මාව කතාවට ඇද ගැනීමෙන් අපි ආගිය තොරතුරු කතා කරනකොට ඇය මට කියපු කතාවක් තමයි මේක.ඇය අතින් තැනින් තැන කියවුණු ටික එක තැනකට කෙටි කරාට පස්සේ ඇගේ හඩින්ම කතාව මේකයි.

අපි කසාද බැඳපු දවස් වලමයි ඕස්ට්රේලියාවේ පදිංචියට ආවේ. එතකොට මට වයස අවුරුදු 20ක් වත් නැතිව ඇති...ඒ කාලේ මගේ හස්බන්ඩ් නිතරම කියන දෙයක් තමයි මම නූතාන් වගේ ලස්සනයි හරියට කුමාරිකාවක් වගේ, මං ළඟ ඉන්නකොට ටජ් මහලක් ලග ඉන්නවා වගේ එයාට පුදුම ආදරයක් ආඩම්බරයක් දැනෙනවා කියලා. ඉතින් ඒ දවස් වල එයා මට කොහේවත් තනියම යන්න දෙන්නෙ නෑ ඒ පුදුම ආදරය නිසාම මාව ආරක්ෂා කරගන්න ඕනේ කියලා එයා නිතරම මා එක්කලා යනවා. විශේෂයෙන් ඩොක්ටර්ස්ලා ලඟට නං තනියම කවදාවත් යවන්නේ නැහැ. ඩොක්ටර් මාව චෙක් කරනකොට එයාට එතන ඉන්නම ඕනේ.එයා කොයිතරම් හොඳට මාව බලාගන්නවා ද කියලා ඒ කාලේ මට හිතුනා. නමුත් දැන් ඉතින් තත්වය ගොඩක් වෙනස්. මම තනියම යනකොට හස්බන් මාත් එක්ක එන එක එක වයසට යනවත් එක්කම අඩු වෙලා ගියා. අද මට ඩොක්ටර් ලඟට යන්න තනියට කෙනෙක් හොයාගන්න හරිම අමාරුවුනා. ළමයිනුත් බැඳලා ගිහිල්ලා දැන් වෙන පළාත් වල ඉන්නේ. හස්බන්ඩ්ට මම එන්න කිව්වත් එයා ඒ ගැන කිසිම උනන්දුවක් දැක්වුවේ නෑ. දැන් මම හරි වයසයි, හිතත් හරිම දුර්වලයි.මේ වෙලාවේ මට කවුරුහරි ලඟ ඉන්න ඕනේ ඇගේ ශක්තියට නෙමෙයි හිතේ ශක්තිය තියාගන්නයි. දැන් ඩොක්ටර්ස්ලා මගේ කොතන ඇල්ලුවත් එයාට ඒ තරම් ප්රශ්නයක් නෑ. එදා එයා මගෙ ආරක්ෂා කළේ මොනවද කියලා දැන් තමයි මට තේරෙන්නේ.... ඔහොම තමයි ජීවිතය.
(ටජ්මහලේ දෙනෙත් වලින් කඳුළු කඩා වැටෙන්න ආසන්නයි).

ලිව්වෙ - ධනන්ජය කරුනාරත්න

Comments

Popular posts from this blog

පුදුම නොවීමේ ජීවිතය ගැන අසම්පූර්ණ සටහනක්.

  මට මේ ලෝකයේ කිසිම දේකට ඒ තරම් ලොකු 'පුදුමයක්' ඇති වෙන්නේ නැහැ. මේක මගේ ජීවිතයේ ඉතාමත් තරුණ කාලේ ඉදන්ම වර්ධනය වෙලා ආපු කිසියම් ලක්ෂණයක් කියලා මට හිතෙනවා. ඒක මම හිතාමතා වර්ධනය කරගත්ත දෙයකුත් නෙමෙයි. මට මගේ ජීවිතයේ බොහෝ ප් ‍ රශ්න ඇතිවෙලා තියෙන්නේ මං අවට සිදුවෙන දේවල් වලට පුදුම නොවීම නිසයි නැත්තං ඒවා බොහෝ අය බලාපොරොත්තු වන තරම් විශාලව ගන්නෙ නැති නිසයි. ඔන්න අපේ අම්මා කියන දේ ගත්තොත් හරියට මෙන්න මේ වගේ, "මේ බලන්න පුතා... ගනේගොඩ මාමල ඇවිදිල්ලා... එන්න හග් කරන්න උඩ පනින්න දුවන්න කලබල වෙන්න... අම්මෝ කොච්චර කාලෙකින්ද ඇවිල්ල තියෙන්නේ... මේ මහා පුදුමය..." ඒ උනාට මට ඒක එහෙම දැනෙන්නෙ නෑ. ඔවුන් ආවේ ඇයි කියන එක පවා අපි කවුරුවත් හරියටම දන්නේ නෑ. එතකොට ඒගොල්ලො ඒක තේරුම් ගන්නේ මම මාමලාට අගෞරව කරපු විදිහට. බැරි වෙලාවත් ඔන්න යම් ග් ‍ රහලෝකයකින් තවත් ජීවියෙක් ඇවිත් උදේ පාන්දර දොර අරිනකොට මගේ මිදුලෙ හිටියත් මම හිතන්නේ නෑ ගනේගොඩ මාමලා අපේ ගෙදර ආවට වඩා දෙයක් මම කරයි කියලා. ''ආ ආවාද? " කියලා මං අහයි. මම දන්නවා උන්ගෙන් එකෙක් කොයි හරි වෙලාවක උදේ දොර අරිනකොට මිදුලේ ඉන්න පුළ

ඔබයි සංස්කෘතිය!

  සිංහලයින්ගේ භාෂාව, සංස්කෘතිය සහ අනන් ‍ යතාවය ආදී දේවල් ගැන බ් ‍ රිතාන් ‍ ය අධිරාජ් ‍ යවාදීන් ලංකාව හැරදා ගිය දවසේ ඉදන් තවමත් සාකච්ඡා කරලා ඉවර නැති විවාදයක් වෙලා තියනවා. ඒ දිහා විවිධ කෝණවලින් බලන්න පුළුවන් අතර මේ මම ඒ දිහා බලන විදියයි. ඔබ කතා කල යුතු භාෂාව ඇතුළු ඔබ ජීවත්වන විදිහ හෝ ඔබේ අනන් ‍ යතාවය, මේ සියල්ලම තීරණය කරන්නේ ඔබයි. ඔබට තෝරා ගැනීමකින් තොරව උපතින්ම හිමි වු ජාතිය, වර්ගය, කුලය, භාෂාව, ආගම,සම්ප් ‍ රදාය හා සංස්කෘතිය ආදියට අනුව ඔබගේ ඉරණම, ජීවිතය හෝ විමුක්තිය තීරණය කළ යුතු නැහැ. ඔබ ආදරය කරන කෙනා සහ ආදරය ආකාරය ඔබට තෝරා ගනීමට ඇති සම්පූර්ණ නිදහස භාෂාවේ සිට ඇඳුම් පැළඳුම් වල සිට විශ්වාස දක්වා අනිත් සියල්ලටම එයාකාරයෙන්ම අදාලයි.ඒ අනුව ඔබ ඉපදුන තැන ඇති කිසියම් පොදු අනන් ‍ යතාවයකට අනුව ජීවත් විය යුතු නෑ. ඔබේ අනන් ‍ යතාවය ඔබ ජීවත්වන විදිහයි, එය තීරණය කරන්නේ ඔබමයි. අද අප කතා කරන සාමාන් ‍ ය සිංහල කියන භාෂාව ඇතුළේ විශාල ප් ‍ රමාණයක් තියෙන්නේ ඉංග් ‍ රීසි. කොහොමහරි ඒක මිශ් ‍ ර වෙමින් යන භාෂාවක්. උදාහරණයකට, ශ් ‍ රී ලංකාවේ එක්තරා ඉහල මැද පංතියක් ඉන්නවා ඔවුන් ජන්මයෙන් සිංහල. එහෙත් ඔවුන් කුඩා

ජීවිතය සතුටින් නාස්ති කරන්නේ කෙසේද?

  පහත මුලින් ම සඳහන් වන්නේ XXX විසින් ඔහුගේ ෆේස්බුක් බිත්තියේ තමන් පිළිබඳව ස්වයං විවේචනාත්මකව තබන ලද සටහනක්. එහිදී ඔහු තමන් ගැන විවෘතව කියන කාරණා අප බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් අදාළයි. ප් ‍ රථමයෙන් ඔහුගේ සටහන කියවන්න. ඊළඟට ජීවිතයේ පැවැත්ම, සංතෘප්තය, අර්ථය වැනි ගැඹුරු තැන් සාංදෘශ්ඨිකවාදීව ස්පර්ශ කරන්න සිදුවන විවාදාත්මක තැන් රැසක් ඇති මෙම මාතෘකාව ගැන මම හැකි තරම් සරලව හා කෙටියෙන් මගේ අදහස කියන්න උත්සහ කරලා තියනවා. ---------------------------------------------------- මං පොඩි කාලෙ ඉඳං හරි ඍණාත්මක මනුස්සයෙක්. මගේ දක්ෂකමක්වත් ලස්සනක්වත් විශේෂ මනුස්සකමක්වත් මං දැක්කෙ නෑ. මං හිතන්නෙ මගේ ශරීර ස්වභාවය මට මදිකමක් හින්ද වෙන්න ඇති. මං හිතුවෙ,හිතන්නෙ මාව කවුරුවත් ගණන් ගන්නෙ නෑ කියල. මට කවදාවත් අභිප් ‍ රේරක (motivators) තිබිල නෑ. කරපු හැමදෙයක් ම කළේ වගකීමක් හෝ යුතුකමක් හින්ද. මගෙන් සාමාන් ‍ යයෙන් වැඩක් ගන්න හරි අමාරුයි. එක්කො මං දක්ෂ නෑ. නැත්තම් කම්මැළියි. මං පහුගිය අවුරුදු තුනට ම උනන්දුවෙන් වැඩක් කරල නෑ කියන එක මං හොඳට ම දන්නව. කොළඹ විශ්වවිද් ‍ යාලෙ මාස්ටර්ස් එක අතෑරල මාස ගාණක්